ආතතිය කියන්නේ අපි හැමෝගෙම ජීවිත තුල අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. ආතතිය කියන්නේ සර්ව අසුබවාදී දෙයක් නෙමේ, ආතතිය කියන දේ යම් ප්‍රමාණයකට තිබුනාට ගැටලුවක් නැහැ. නමුත් ඒක අපේ ජීවිතට අනවශ්‍ය ආකාරයේ පීඩනයක් ගෙන දෙනවා නම්, අපි එය හරි විදිහට කළමණාකරණය කරගන්න ඉගෙන ගන්නම ඕනේ.
මේ ලිපියෙන් මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ, එදිනෙදා ජීවිතයේ ඇතිවෙන ආතතිය කළමණාකරණය කරගන්න ඔබට භාවිතා කල හැකි සරල උපක්‍රම ගැන.
1. ආතතියට සවිංඥාණික වෙන්න.
ආතතිය කළමණාකරණය කරගන්න ඔබට භාවිතා කරන්න පුළුවන් පලවෙනි උපක්‍රමය තමයි, ආකතිය එක්ක සටන් කිරීම හෝ එක්ව ගමන් කිරීම වෙනුවට, එයට සවිංඥාණික වීම.
මේ වෙනුවෙන් පහත පියවර අනුගමනය කරන්න.
ආතතිය ගැන සටහන් කර ගන්න පොතක් තියා ගන්න. ආතතියක් ඇති වුනාම, ඒ ගැන ඒ පොතේ ලියන්න. ලියනකොට මුලින්ම ඔබට ඇතිවුන ආතතිමය හැගීම ලියන්න. ඊට පස්සේ ඒකට හේතුව ලියන්න. ඉන්පසුව ඒකත් එක්ක ශරීරයේ සිදුවුන වෙනස් කම් ලියන්න. (හිසරදය, මහන්සිය වගේ දේවල්)
අවසානයට, ආයේත් ඒ සිදුවීම, ඒ විදිහටම නැවත වුනොත්, ආතතියක් නොදැනෙන විදිහට ඔබ එයට මුහුණ දෙන විදිහ ලියන්න.
මේ දේ ඔබ සිදුකරනකොට, ආතතිය එක්ක ගමන් කිරීම පාලනය වෙනවා. ඒ වගේම නැවත එයට වඩාත් හොද විදිහට මුහුණ දෙන්න අවශ්‍ය විභවතාවය ඔබ තුල වර්ධනය වෙනවා.
2. භාවනාව දිනපතා පුරුදු වෙන්න.
සෑම දවසකම කීප වරක් භාවනා කිරීමට හුරු වෙන්න. එය ලොකු වේලාවක් විය යුතු නෑ. එක වරකට මිනිත්තු දෙකක් සිදු කලත් එය ප්‍රමාණවත්. ඒ වෙනුවෙන්, හුස්ම ගැනීම හා පිට කිරීම කෙරෙහි අවදානය යොමු කිරීම වැනි සරල අභ්‍යාසයක් තෝරා ගන්න.
ආතතිය දැනුන මොහොතකදීත්, භාවනා කල යුතු බව මතක් වෙන හැම මොහොතකදිමත් එය සිදු කරන්න.
3. සීග්රව ශරීරය චලනය කරන්න
ව්‍යායාම ආතතිය අඩු කරන්න හොඳම ක්‍රමයක්. ශරීරය චලනය කළාම එන්ඩෝෆිනයන් කියන ප්‍රසන්න හැගීම් ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය අපි තුල නිෂ්පාදනය වෙනවා.
හැබැයි ව්‍යායාම කරන්න ඕනේ කියලා වෙනමම ක්‍රියාවලියක් කරන්න ගියොත් අපි බොහෝ දෙනෙක්ට ඔය දේවල් එක දිගට කරගෙන යන්න වෙන්නේ නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් එදිනෙදා ජීවිතයේ කරන දේවල් ඇතුලතම ව්‍යායාම නිර්මාණය කර ගන්න.
උදා.
හිමින් ඇවිදීම වෙනුවට, ටිකක් වේගයෙන් ඇවිදින්න. මේ හරහා ඔබට වෙලාව ඉතිරි කරගන්නත් පුලුවන් ඒ වගේම ඇගට ව්‍යායාමයකුත් වෙනවා.
සෝපානය වෙනුවට, පඩිපෙල් භාවිතා කරන්න. (පටිපෙල් නගිනවා, බහිනවා කියන්නේ, ඔබ කරන අමාරු ව්‍යායාමයකට සමාන ව්‍යායාමයක් ඔබට ලබා දෙන දෙයක්)
මේ වගේ දේවල් ඔබට Office එකේ ඉන්න ගමන්ම කරන්න පුලුවන් දේවල් නිසා, ආයාසයකින් තොරව ක්‍රියාත්මක කරන්න පුලුවන්.
4. හොඳ නින්දක් ගන්න
හොඳ නින්ද කියන දේ, ආතතිය පාලනය කරන්න අත්‍යවශ්‍යයි. නින්ද හිඟ වුණොත් ආතතිය වඩාත් දරුණු වෙනවා.
ඒ නිසා,
හැම දිනකම එකම වේලාවට නිදියන්න සහ අවදි වෙන්න පුරුදු වෙන්න.
නිදි මොහොතට පැයකට කලින් ජංගම දුරකථනය හෝ රූපවාහිනිය විශාල කිරීමෙන් වලකින්න.
නින්දට පෙර ස්නානය කර පිරිසිදු වීම, සුවපහසු ඇදුමකින් නිදා ගැනීම, ඉහල ප්‍රමිතියේ කොට්ට, මෙට්ට, ඇතිරිලි භාවිතය වගේ දේවල් හරහා ඔබේ නින්දේ ප්‍රමිතිය ඉහල දමා ගන්න.
රාත්‍රී ආහාරය සැහැල්ලු, පලතුරු හෝ දියර වර්ග වැඩි එකක් කර ගන්න. (මෙය ඔබේ නින්දේ ප්‍රමිතිය විශාල ලෙස ඉහල දමනවා)
අපි නිකුත් කරන ලිපි, මග හැර ගන්න්නේ නැතුව කියවන්න, UPDATES ලෙස සදහන් කල පණිවිඩයක්, 076 970 5622 අංකයට Whatsapp හරහා යොමු කරන්න.
Comments