top of page

The Rich Mind (1)

සැප් 02 සඳුදා

|

South Asia Partnership Sri lanka

"The Rich Mind | පොහොසත් මනස" යනු අප ජීවත් වෙන ප්‍රායෝගික ජීවිතය තුල පහසුවෙන් හා වේගයෙන් තම මූල්‍ය ඉලක්ක ප්‍රායෝගිකව ලගා කරගන්නේ කෙසේද, ඒ වෙනුවෙන් භාවිතා කල හැකි ප්‍රායෝගික ශිල්ප ක්‍රම මොනවාද යන්න පිලිබද සාකච්චා කරන ප්‍රායෝගික පුහුණු වැඩමුලුවකි.

Registration is Closed
See other events
The Rich Mind (1)
The Rich Mind (1)

Time & Location

2019 සැප් 02, 09.00 – 13.00

South Asia Partnership Sri lanka, Lake Cresent, Rajagiriya, Colombo, Sri Lanka

About the event

The Rich Mind වැඩසටහන පිලිබද හැදින්වීම

මෙම වැඩසටහන 100% ප්‍රායෝගික ජීවිතය තුල තම මූළ්‍යමය තත්වය ස්ථාවර මට්ටමකට ගෙන එමින් , නිවරැදිව තම මූළ්‍ය තත්වයන් කළමණාකරණය කරමින් , මූළ්‍යමය ගැටලු වලින් තොර නිදහස් ජීවිතයක් ලගා කරගන්නේ කොහොමද යන්න පිලිබද , එම තත්වය තමන් ජීවත්වන සැබෑ ජීවිතය තුල ලගා කරගන්නේ කොහොමද යන්න පිලිබදව කෙරෙන මූළ්‍ය කළමණාකරන පුහුණු වැඩසටහනකි.

වැඩසටහනේ අරමුණ

* මුදල් ඉපයීම අපහසුයි යන සිතුවිලි රටාව ප්‍රායෝගික්ව ඔබේ මනසෙන් ඉවත් කරමින්, ඔබ අපේක්ෂා කරන මූළ්‍යමය ඉලක්ක වෙත පහසුවෙන් ලගා විය හැකියි යන විශ්වාසය ඔබේ ඇති කිරීම.

* මුදල් ඉපයිය හැකි අවස්ථා නිරායාසයෙන් ග්‍රහණය කරගන්නා , මූල්‍ය ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් නැවත සැකසූ ( Re-Program කල ) මනසක් බවට ඔබේ මනස පත් කිරීම

* රැකියාව හෝ අද්‍යාපණ කටයුතු වල නිරත වන අතර තුර, අමතර කාලයක් නොයොදවා , ආදායම් වැඩිකරගැනීම ප්‍රායෝගිකව කල හැකි ආකාර පිලිබද මූලිඛ ප්‍රායෝගික දැනුමක් සහිත පුද්ගලයකු බවට ඔබව පත් කිරීම.

* අහිතකර ණය තත්වයන්ගෙන් මිදීම, අහිතකර වියදම් රටා වලින් මිදීම වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක කල යුතු මූළ්‍ය කළමණාකරන උපක්‍රම පිලිබද මූළික දැනුමක් සහිත පුද්ගලයකු බවට ඔබව පත් කිරීම

* සැලසුම් සහගත, මූළ්‍යමය විනයකින් යුත් පුද්ගලයකු බවට ඔබේ සිතුවිලි රටාවන් හා චර්‍යාත්මක තත්වයන් වෙනස් කිරීම.

වැඩසටහන කවුරුන් වෙනුවෙන්ද?

* රැකියාවක නිරතවන අතර තුර හෝ අද්‍යාපණය ලබන අතර තුර තම මූළ්‍ය තත්වය ඉහල දමා ගැනීමට අදහස් කරන අය,

* පවතින මූළ්‍ය ගැටලු වලින් මිදී , අනාගතයේදී ධනවතෙක් බවට පත්වීමට සිහිනයක් ඇති නමුත් ප්‍රායෝගිකව එම තත්වයන් ලගා කරගැනීම පිලිබද ප්‍රායෝගික අදහසක්, සැලැස්මක් නැති අය,

* ඉතා සුලු ප්‍රාග්ධනයකින් හෝ මූලික ප්‍රාග්ධනයකින් තොරව , අවම අවදානමක් යටතේ තමන්ගේම ව්‍යාපාරයක් ඇරබීමට සිතන නමුත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකිව සිටින ,

හෝ

* ආර්ථික ගැටලු වලින් මිදීමට ප්‍රායෝගික මගක් සොයන ඕනෑම අයෙකුට මෙම වැඩසටහන සුදුසු වේ.

වැඩසටහන තුලින් ඔබට ලැබෙන්නේ මොනවාද?

අමතර වෙහෙසකින් හෝ විශාල ප්‍රාග්ධනයකින් තොරව, ඔබේ ආදායම් වැඩි කරමින් ඉතා කෙටි කාලයක් ඇතුලත මූල්‍යමය අතින් ස්ථාවර හෝ නිදහස් ජීවන තත්වයක් ප්‍රායෝගිකව ලගා කරගැනීම සිදුකල යුතු ආකාරය පිලිබද ප්‍රායෝගික දැක්මක් සහිත පුද්ගලයකු බවට පත් වීමේ හැකියාව ඔබට ලැබේ.

වැඩසටහනට සහබාගී වීමේදී ඔබ රැගෙන ආ යුතු ද්‍රව්‍ය හා ආරක්ෂක තත්වයන් හේතුවෙන් ඔබ විසින් පිලිපැදිය යුතු නීති රීති.

වැඩසටහනට සහබාගී වීමේදී ඔබ පහත ද්‍රව්‍ය ඔබ විසින් රැගෙන ආ යුතුය.

* දිග අඩිරූලක්.

* පිටු 40 කොටු රූල් CR පොතක්.

* පෑනක්, පැන්සලක්, මකනයක්.

* කුඩා වතුර බෝතලයක්.

ආරක්ෂක තත්වයන් හේතුවෙන් පහත නීති රීති වලට අනුව ඔබ වැඩසටහනට සහබාගී විය යුතුය.

* වැඩසටහනට සහබාගී වීමේදී ඉහත සදහන් ද්‍රව්‍ය සහ ඔබගේ පෞද්ගලික උපකරණ ( ජංගම දුරකතනය, පසුම්බිය ) හැර වෙනත් කිසිවක් රැගෙන පැමිනීම තහනම් වේ.

* උදෑසන 9 සිට සවස 2 දක්වා වැඩසටහන පැවැත්වෙන බැවින්, උදෑසන ආහාරය ලබාගෙන පැමිනිය යුතුය. වැඩසටහන පැවැත්වෙන අවස්ථාව තුල ඔබට ඒ වෙනුවෙන් පිටත්ව ගොස් නැවත පැමිනීමට අවස්ථාව නොලැබේ.

* ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට අපහසු වන ආකාරයේ ඇදුම් හා හිස්වැසුම වලින් සැරසී නොපැමිනිය යුතුය.

* වැඩසටහනට සහබාගී වීමේදී ඔබගේ හැදුනුම්පත , ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය රැගෙන ආ යුතුය.

* වැඩසටහනට සහබාගී වන අය හැර වෙනත් කිසිවෙක්ට ආයතන භූමියේ රැදී සිටින්නට අවසර නොලැබේ.

ආරක්ෂක හේතුන් මත වැඩසටහනට සහබාගී කරගන්නා පිරිස අප විසින් සීමා කර ඇත. එබැවින් කලින් ආසන වෙන්කර නොගන්නා කිසිවෙක්ට , කිසිදු කරුණක් නිසා එම අවස්ථාවේදී ආසන ලබා දීමක් සිදු නොකරයි.

මෙහෙයවීම :

ව්‍යවසායක, මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

( CEO & Founder Winners Lounge Training & Developments , Blue Whale Business Management )

වැඩසටහන මෙහෙයවන භාෂාව : සිංහල

* වැඩසටහන සදහා සහබාගී කරගන්නා පිරිස සීමා සහිත බැවින් ආසන වෙන්කරගන්නා පිලිවෙලට ආසන ලබා දීම සිදුකරනු ලබන බවත් ආසන වෙන්කරවාගැනීමකින් තොරව වැඩසටහනට සහබාගී විය නොහැකි බවත් කරුණාවෙන් සලකන්න.

Tickets

  • Free Pass

    100% Free Pass ( Limited )

    US$0.00
    Sale ended
  • Special Promo Pass

    Special Promotional Ticket

    US$15.00
    Sale ended

Total

US$0.00

Share this event

bottom of page