top of page
Writer's pictureChathuska Amarasekara

සාර්ථක ලිංගික තෘප්තියක් වෙනුවෙන් පියවර 5ක්

Updated: Jul 1, 2020




ලිංගික තෘප්තිමත් බව කියන්නේ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයේ එක් වැදගත් කොටසක්. වර්තමානයේ ඇතැම් විට බොහෝ දෙනෙක් එය තිරයෙන් පිටුපස සාකච්ඡා කරන මාතෘකාවක් වුවත් අතීතයේ , විශේෂයෙන් පෙර දිග ජීවත් වූ බුද්ධිමත් මිනිසා මේ වෙනුවෙන් එයට ලබා දිය යුතු වැදගත් කම ලබා දුන්නා.

විශේෂයෙන් කාම සූත්‍රය වැනි පොත්පත්, ලිංගිකත්වය වෙනුවෙන් සැකසුණු විවිධ මානසික හා ශාරීරීක අභ්‍යාස ක්‍රම, තන්ත්‍රා අභ්‍යාස ක්‍රම වැනි බොහෝ දේ අතීත මිනිසුන් නිර්මාණය කලේ ඒ නිසාවෙන්. ඒ වගේම අද වන විට බටහිර මනෝවිද්‍යාව තුල පවා මිනිසෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ලිංගිකත්වය කොතරම් වැදගත් ද කියන දේ ඉතා පැහැදිලිව අන්තර්ගත වනවා.

මේ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න වැඩිහිටි ඔබ වෙනුවෙන් මේ දේ ගැනත් ඉතා විවෘතව ලිපි කීපයක් ඉදිරිපත් කරන්න අපි තීරණය කලා...

සාමාන්‍යයෙන් ඔබ ලිංගික වශයෙන් ලබන තෘප්තිමත් බව කියන්නේ , ඔබේ ජීවිතයේ බොහෝමයක් අංශයන්ට බලපාන ප්‍රබල සාධකයක්. ඒ නිසා එය නිවරැදිව භාවිතා කිරීම ඉතාම වැදගත්.

විශේෂයෙන්ම සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයක් කියන දේ, පුද්ගලයෙකුගේ මානසික නිදහස් බවට , නිර්මානගීලී බවට , අරමුණු කරා ගමන් කිරීමේ හැකියාවට, උද්‍යෝගිමත් බවට වැනි බොහෝමයක් දේවල් වලට ඍජුවම බලපානවා. ඒ වගේම එය ඔබේ ශාරීරික හා මානසික නිරෝගී බවටත් ඍජුවම බලපානවා.


ඒ වගේම ලෝකයේ සුවිශේෂී සාර්ථකත්වයක් ලගා කරගත් මිනිසුන් බොහෝ විට ලිංගිකත්වය පිලිබද කලාවන් පිලිබද දැනුවත්, ඒ වගේම යහපත් තෘප්තිමත් ලිංගික ජීවිතයක් සහිත මිනිසුන් බව විද්‍යාත්මක සමීක්ෂණ තුලින් පවා තහවුරු වූවක්.

ඒ වගේම නැපෝලියන් හිල් පවසන ආකාරයට නිවරැදි ලිංගික ජීවිතයක් කියන්නේ සාමාන්‍ය මිනිසුන් විශිෂ්ටයන් බවට පත් කරන්නට හැකි සුවිශේෂී දෙයක්.

මේ නිසා අද මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ , මේ ආකාරයෙන් තෘප්තිමත් ලිංගික ජීවිතයක් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේවල් 5ක් ගැන,

1. ඔබේ මනස , ශරීරය හා ආත්මීය සූදානම ඇතිකර ගැනීම

ලිංගිකත්වය කියන්නේ ශරීර දෙකක් අතර වෙන සිදුවීමක් පමණක් කර නොගෙන, එය මනස, ශරීරය හා ඔබේ ආත්මය යන අංශ තුනම එකතුව කරන ගනුදෙනුවක් කර ගන්න. මානසික , ශාරීරික හා ආත්මීය උත්තේජයනයන් සහිතව ලිංගිකත්වය රස විදින්න.

2. ගැලපෙන පරිසරය

ඔබේ පරිසරයේ තිබෙන නිරවුල් බව, නිදහස් බව සැලකිලිමත් වන්න. උපරිම නිදහසක් සහිත පරිසරයක් තෝරා ගන්න.

3. වර්ණ භාවිතය

වර්ණ කියන්නේ ඔබේ සිතුවිලි හා හැගීම් පාලනය කරන්න පුළුවන් ප්‍රබල අවියක්, ඇතැම් වර්ණයන් ඔබ තුල වන උද්දීපනයන් ඉහල දමන්නත්, ඇතැම් වර්ණයන් එම උද්දීපනයන් පාලනයටත් හේතු වෙනවා. ඒ නිසාවෙන් ගැලපෙන වර්ණ ඔබගේ පරිසරය තුල හා ඇදුම් වෙනුවෙන් යොදා ගැනීමත් වඩාත් තෘප්තිමත් ලිංගික අත් දැකීමට මග පාදනවා,

4. ස්ත්‍රී හා පුරුෂ ශක්තීන් ( Male & Female Energy ) තේරුම් ගැනීම

ස්ත්‍රී ලිංගික ශක්තීන් නිර්මාණය වීම හා පුරුෂයින්ගේ ලිංගික ශක්තීන් නිර්මාණය වීම එකම ආකාරයකට සිදුවන්නේ නෑ. උදාහරණයක් ලෙස ස්ත්‍රීන් මානසික ක්‍රියාවලීන් හා ශාරීරික දැනීම් හරහා වැඩි ශක්තියක් නිර්මාණය කර ගැනීම සිදුකරනවා, ඒ වගේම පුරුෂයින් මානසික ක්‍රියාවලීන් හා ශාරීරික දැනීම් වලට සාපේක්ෂව දකින දේවල් හරහා ශක්තීන් නිර්මාණය කර ගැනීම සිදුකරනවා. මේ නිසා මේ දේවල් පිලිබද නිවරැදි දැනුමක් තිබීම ඔබගේ ලිංගික ජීවිතය උපරිම තෘප්තිමත් බවක් වෙත රැගෙන යාමට උපකාරී වෙනවා.

5. ශබ්ද හා හුස්ම

ශබ්ද හා හුස්ම කියන්නෙත් ඔබේ ලිංගික ජීවිතයට ඉතා වැදගත් දෙයක්. හුස්ම ගැනීමේ රටාවන් නිවරැදිව පවත්වාගෙන යාම ලිංගික කටයුතු වලදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් දෙදෙනෙකු අතර පවතින සම්බන්ධතාව වැඩි කරන්න හේතු වෙනවා.

ඒ වගේම ශබ්ද වලට ඔබේ ශරීරයේ තිබෙන සෛල වල විවිධ වෙනස් කම් පවා ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම ඔබට නිවරැදිව , ගැලපෙන අයුරින් භාවිතා කරන්න පුළුවන් නම්, ඔබගේ ලිංගික ජීවිතයේ ඉතා සාර්ථක , තෘප්තිමත් වෙනසක් ඇතිකර ගන්න ඉතාම පහසුවෙන් පුළුවන්.

________

ඔබේ ආදරයේ , පවුල් ජීවිතයේ ගැටලු විසදාගෙන , ඔබේ ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ ඉගෙනගත යුතුම කරුණු ඇතුලත් "සාර්ථක ආදරයකට මග" Quick Read eBook එක පහතින් ලබා ගන්න.





1,031 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page