top of page

වේගවත් සුවිශේෂී සාර්ථකත්වයක් වෙනුවෙන් යටි සිත බලගැන්වීම

Updated: Aug 14, 2019


අපේ යටි සිත අපිට ලැබී තියෙන වටිනාම වස්තුව යයි හැදින්වුවොත් එහි කිසිම වරදක් නෑ, ජීවිතේ අපිට සිටින හොදම මිත්‍රයාත් , හොදම හතුරාත් විදිහට අපි අපේ යටි සිත හැදින්වුවොත් එහිත් කිසිම වරදක් නෑ. අපි බොහෝ දෙනෙක් තවමත් අපේ යටි සිතේ තිබෙන ශක්තිය කොතරම්ද? එයන් කොතරම් ප්‍රයෝජන ගත හැකිද යන්න නිවරැදිව වටහාගෙන නෑ. මෙන්න මේ නිසා අපි බොහෝ දෙනෙක් අපිට ඉතා පහසුවෙන් ලගා කරගත හැකි සාර්ථකත්වය පවා ලගා කර නොගෙන මුලු ජීවිත කාලයම ජීවත් වෙනවා.


සිග්මන්ඩ් ප්‍රොයිඩ් පවසන ආකාරයට සාමාන්‍ය මිනිසෙකු තම සිතේ ශක්තියෙන් ප්‍රයෝජනයට ගන්නේ 10%ටත් වඩා අඩු ප්‍රමානයක්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසෙක් බොහෝ විට තම සිතේ ශක්තියෙන් 90% ක් පමන නිකරුනේ අපතේ යවනවා. ඒ කියන්නේ අපි බොහෝ විට පාවිච්චි කරන්නේ අපේ උඩු සිත පමනයි, අපේ නොදැනුවත්කම නිසාම අපි බොහෝ දෙනෙක් සම්පූර්ණයෙන්ම වගේ අපේ යටිසිතෙන් ප්‍රයොජන ගනු ලබන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි කවුරුත් යමක වටිනාකම දන්නවානම් ඒ දෙය ආරක්ෂාකරගන්නවා මිස , එයින් ප්‍රයෝජන ගන්නවා මිස, එය නිකරුනේ අත්හැර දමන්නේ නෑ. ඒ නිසා ඔබ ඔබේ සිතේ ශක්තිය පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම තමන්ගේ හිතේ ශක්තිය කොතරම්ද කියන දේ දැනගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත්.


අපේයටි සිත කියන්නේ ඉතාම සුවිශේෂී දෙයක්, එක පැත්තකින් අපි සිතන මතන දේවල්, කරන කියන දේවල් කුමන ආකාරයෙන්ද යන්න 80%කට වැඩි ප්‍රමාණයක්ම තීරණය කරන්නේ අපේ යටි සිතේ ස්වභාවය. අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ අපිට ලැබෙන බොහෝ දේවල් වලට හේතුව වන්නේත් අපේ යටි සිත.


සාමාන්‍යයෙන් අපේ සිතන ආකාරය, ක්‍රියාකරන ආකාරය කියන දේ තීරණය වෙන්නේ අපේ සිතට අකාලයක් තිස්සේ අතුලු වුන දත්ත වලට සාපේක්ෂව අපේ යටි සිත තුල ගොඩනැගී ඇති ආකල්ප වලට අනුකූලව. මේ නිසා යම් කෙනෙක්ගේ යටි සිතේ ස්වභාවය වෙනස් වෙනවානම් ඒ තුලින් ඔහුගේ හෝ ඇයගේ ආකල්ප වල ස්වභාවයත් වෙනස් වෙනවා , ඒ වගේම සිතන ආකාරය, තීරන ගන්න ආකාරය වගේම, ක්‍රියා කරන ආකාරයත් වෙනස් වෙනවා.


අනෙක් අතට අපේ සිතුවිලි වලට අපේ ජීවිතයේ විවිද දේවල් වෙනස් කිරීමට හැකියාවක් තිබෙනවා, මේ දේ ඇත්තද බලන්න බොහෝමයක් පරීක්ෂණ පවා ලෝකය පුරා සිදුකර තිබෙනවා.


මෙයින් එක් පරීක්ෂණයක් තමයි Dr Masaru Emoto විසින් කරපු ජල අංශු පරික්ෂාව. මේ හරහා තමන්ගේ වචන හා සිතුවිලි වල ශක්තියෙන් ජල අංශු වල වෙනස් කම් කරන්න පුලුවන් බව ඔප්පු වුනා. මීට අමතරව යටි සිත බලගැන්වීම හරහා විවිද රෝගී තත්වයන් සුවකරන්න පුලුවන් බව අද නූතන වෛද්‍ය විද්‍යාව පවා පිලිගන්නවා.


ඒ වගේම චිත්තරූප මැවීම වැනි ක්‍රම හරහා තමන්ට අවශ්ය ඉලක්කය වෙත යාමට යටි සිත බලගැන්වීම් කිරීම තුලින් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීම අද වන විට ලෝකයේ බොහෝ පිරිසක් ප්‍රායෝගිකව බාවිතා කරනු ලබනවා. බොහෝ විට මෙය බොහෝ දෙනෙක් හදුන්වන්නේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කර ගැනීම කියලා.


අද අපි ඔබට මේ ලිපිය තුලින් කියා දෙන්නේ මේ අකාරයෙන්, ඔබේ සිතේ තියෙන ඕනෑම ඉලක්කයක් සිහිනයක් වෙනුවෙන් ලේසියෙන් ලගා වීමට ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියන දේ.


අපේ යටි සිත සෑම වෙලාවකම අපිට අවශ්ය දේ අපිට ලගා කර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අපි කලින් යටි සිත කියන්නේ අපේ හොදම මිතුරා වැනි බව ප්‍රකාශ කලේ, නමුත් යටි සිත යමක් තිරුම් ගන්නා භාෂාව අපි අදහස් සන්නිවේදනය කරන භාෂාවට වඩා වෙනස්, මේ නිසා අපේ යටි සිත බොහෝ වෙලාවට අපිට අවශ්ය දේ කියලා වැරදි දේවල් තේරුම් අරගෙන, ඒ දේවල් අපි වෙතට ලගා කර දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට අපේ යටිසිත අපේ මිතුරා වුනත් ඇත්තටම බොහෝ දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ සතුරෙක් විදිහට.


අපේ යටි සිත අපිට අවශ්‍ය දේ කුමක්ද කියලා තේරුම් ගන්නේ අපේ සිතේ මැවෙන චිත්ත රූප වලට අනුකූලව, ඒ චිත්ත රූප මැවෙන මොහොතේ ඔබට දැනන හැගීම් වල ප්‍රබලත්වය සමග එය ඔබට කොතරම් දුරට අවශ්‍යද කියන දේ තේරුම් ගනු ලබනවා. නමුත් අපේ යටි සිතට මේ මැවෙන චිත්ත රූපය අපට අවශ්‍ය දෙයක් ගැනද, අනවශ්‍ය දෙයක් ගැනද කියන එක තේරුම් ගන්න හැකියාවක් නෑ. මේ නිසා ඔබ වැඩි පුරම සිතන්නේ කුමක්ද එය ඔබේ ජීවිතයේ යතාර්ථය කරන්න ඔබේ යටි සිත ක්‍රියා කරනවා.


උදාහරනයක් විදිහට අපි හිතමු ඔබේ සිතේ කවුරුන් හෝ ගැන කැමැත්තක් ඇතිවුනා කියලා. ඔබට අවශ්යයි ඔහු හෝ ඇය සමග ප්‍රේම සබදතාවක් ඇතිකරගන්න කියලා. මේ අවශ්‍යතාවයත් එක්ක ඔබේ සිතේ මැවෙන චිත රූපයේ ස්වභාවය කුමක්ද එය තමයි බොහෝ ඔබේ ජීවිතයේ යතාර්ථය බවට පත් වෙන්නේ. මොකද ඔබේ යටි සිත නිරායාසයෙන්ම එය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා.


ඔබේ සිතේ මෙවැනි අවශ්‍යතාවයකට අදාලව මැවෙන චිත්ත රූප ගැන සිතන්න, එය ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවක් ගොඩනගා ගන්න යාමේදී එය සාර්ථක නොවීමට හැකි ආකාර පිලිබද චිත්ත රූප නම් , ඔබේ මනස ඔබට ලගාකර දෙන්න උත්සාහ කරන යතාර්ථය බවට පත් වෙන්නේ එම සබදතාවයේ අසාර්ථකත්වය. ඇත්තටම ඔබට අවශ්‍ය දේ එය නොවුනත් ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට අවශ්‍ය දේ වන්නේ අසාර්ථකත්වය කියලා.


නමුත් මේ අවශ්‍යතාවයත් එකක් ඔබේ සිතේ මැවෙන චිත්ත රූපය වෙන්නේ ඔබ ඔහු හෝ ඇය සමග සබදතාවය ගොඩනගා ගත් පසු තත්වයනම්, ඒ හරහා ඔබේ මනස තේරුම් ගන්නේ ඔබට ඒ ආකාරයෙන් සබදතාවක් සහිතව ජීවත් වෙන්න අවශ්ය බව, මේ නිසා ඔබේ යටි සිත එයත් සමග ඒ දේ ඔබට ලගා කරදෙන්න කටයුතු කරනවා.


දැන් ඔබ බලයි අපේ යටි සිත කොහොමද ඒ දේ යතාර්ථයක් කර දෙන්න කටයුතු කරන්නේ කියලා. එය ආකාර කීපයකින් සිදුවෙනවා.


1. ඔබේ යටි සිත ඔබව වෙනස් කරනවා, ඔබ සිතන ආකාරය , ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරනවා.

ඉහත උදාහරණයට අනුව බැලුවොත් ඔබේ යටි සිත මුලින්ම ඔබට, ඔබ කැමති පුද්ගලයා කැමති ආකාරයෙන් අදින්න, කතාකරන්න, හැසිරෙන්න පොලබවනවා. ඒ තුලින් ඔබ දෙදෙනා අතර සබදතාවය ගොඩනගනවා.


2. ඔබේ යටි සිත අවට පරිසරයේ තිබෙන තත්වයන් වෙනස් කිරීම සිදු කරනවා.

ඉහත ආකාරයෙන් තමන්ව වෙනස් කරනවාට අමතරව අනෙක් පුද්ගලයාගේ චිත්ත තරංග සමග සම්බන්ද වී ඔහු හෝ ඇය තුල ඔබ කෙරෙහි වන හැගීම් වෙනස් කරන්නත් ඔබේ යටි සිතට පුලුවන්. මෙය බොහෝ විට සිදුවෙන්නේ අනිත් පුද්ගලයාගේ චිත්ත තරංග වල ශක්තිමත් බාවය අනුව. ඔබේ චිත්ත තරංග වල ප්‍රබලත්වය අනෙක් පුද්ගලයාට වඩා වැඩිනම් ඔබේ යටි සිතට මේ දේ ලේසියෙන් කරන්න පුලුවන්.


3. අලුත් පරිසර සාදක ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා.

ඉහත ආකාර දෙක හරහාම ඔබේ යටි සිතට ඔබට අවශ්‍ය දේ ලගා කර දෙන්න බැරි වුනොත් ඔබේ යටි සිත තුන් වෙනුව , ඒ වෙනුවට විකල්පයක් ඔබ වෙතට ආකර්ෂණය කර දීම සිදු කරනවා. ඒ කියන්නේ ඉහත උදාහරණය අනුවනම් ඔබ කැමති ආකාරයේ වෙනත් පුද්ගලයෙක් හෝ ඔබට හදුන්වාදීම සිදුකරනවා.


මේ ආකාරයෙන් ඔබේ යටි සිත ඔබේ ජීවිතයේ , මූල්‍ය, සෞඛ්‍ය, ආදරය හා පවුල් ජීවිතය, සාමාජීය සාර්ථකත්වය ආදී සෑම දෙයකටම අදාලව ක්‍රියාත්මක වීම සිදුවනවා. සමහර විට ඔබ මේ දේ අහන්නේ පළමු වතාවටනම් ඔබට සිතේවි මෙය ඇත්තටම වෙනවද කියලා. ඒ නිසා මම ඔබට ආරාධනා කර සිටිනවා පහත අභ්‍යාසය ප්‍රායෝගිකව උත්සාහ කරලා මේ දේ අත්විදින්න කියලා.


අභ්‍යාසය.


1. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක ඉලක්කයක් සිහියට නගා ගන්න.

2. එම ඉලක්කයට ඔබ මේ මොහොත වන විටත් ලගා වී ඇති බව සිතන්න. එය දැනටමත් ලගා කරගෙන ඇති ඉලක්කයක් ආකාරයෙන් සිතන්න.

3. මෙවැනි අභ්‍යාස වෙනුවෙන්ම සැකසුනු පහත සංගීත කන්ඩයට සවන් දෙන ගමන් ඔබ ඔබට අවශ්‍ය ඉලක්කය දැනටමත් ලගා කරගෙන සිටීම පිලිබද සතුට සිතින් අත්විදින්න.


උදාහරණයක් ලෙස ඔබේ ඉලක්කය මූළ්‍ය ඉලක්කයක් නම්, එම ඉලක්කයට ලගා වීමේ සතුට අත්විදින්න, ඔබ එම මුදල දැන් වියදම් කරන ආකාරය , ඔබ එම ඉලක්කයට ලගා වීම නිසා ඔබේ ජීවිතය වෙනස් වෙන හැටි ගැන චිත්ත රූප මවන්න. සියලු චිත්ත රූපයන් ඔබ දැනටමත් ඔබේ ඉලක්කයට ලගා වී ඇතැයි යන තැන සිට මැවිමට වගබලා ගන්න.


මෙම අභ්‍යාසය දිනකට විනාඩි 10-15 අතර වේලාවක් කරන්න, දින කීපයක් යන විට ඔබේ ඉලක්කයට ලගා වීමට හැකි ආකාරයෙන් ඔබේ පරිසරය සැකසෙන ආකාරය වගේම ඔබේ ඉලක්කයට ලගා වීමට පහසු වන ආකාරයෙන් ඔබේ සිතුම් පැතුම් හා ක්‍රියාකලාපයන් වෙනස් වෙන ආකාරය ඔබටම දැනේවි.


මෙම අභ්‍යාසයේදී අවශ්‍ය වන මානසික ඒකාග්‍රතාවය පවත්වාගැනීම වෙනුවෙන් විශේෂයෙන් සැකසුනු සංගීත කන්ඩයට පහත සබැදිය හරහා සවන් දෙන්න.


ප්‍රායෝගිකව ඔබේ යටි සිතේ ශක්තිය ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගන්න, අසිරිමත් යටිසිත - විශ්මිත සාර්ථකත්වයක රහස ප්‍රායෝගික උපදෙස් පොත PDF eBook එකක් ආකාරයෙන් පහතින් Download කරගන්න.






2,123 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page