top of page

ඔබේ ජීවිතයේ තිබෙන මූළ්‍ය ගැටලු වලින් මිදෙන්න ඉතා පහසු ක්‍රමයක්.

Updated: Nov 30, 2018



බොහෝ දෙනෙක් හිතන්නේ මුදල් හොයන එක විශාල අමාරු දෙයක් විදිහට, නමුත් ඇත්තටම මුදල් හොයන එක අමාරුද? මූල්‍යමය අතින් සාර්ථක වෙන්නනම් අපි මොනවද කරන්න ඕනේ?


සාමාන්‍යයෙන් මේ ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ජයගන්න තිබෙන අභියෝග වලින් ඉතාම පහසුවෙන් ජය ගන්න පුලුවන් එක් අභියෝගයක් තමයි මුදල් කියන්නේ! දැන් ඔබ බලයි මුදල් හොයන එක ඔච්චරම ලේසිනම් ඇයි මෙච්චර මිනිස්සු දුප්පත් වෙලා දුක් විදින්නේ කියලා..


හොදයි එහෙනම් , එහෙම වෙන්නේ ඇයි කියන එක මේ ලිපිය හරහා අපි සරලව තේරුම් ගමු.


මේ වැඩේ කරන්න කලින් මුලින්ම මුදල් කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගන්න ඕනේ,


මුදල් කියන්නේ වටිනාකම මනින්න, එහෙමත් නැත්නම් වටිනාකම හුවමාරු කරගන්න මිනිසුන් විසින් පොදුවේ බාවිතයට ගන්න එකග වූ දෙයක්. මුදල් කියන දේ ඔබ වෙතට ලැබීම හෝ ඔබෙන් ඉවතට යාම සිදුවෙන්නේ සෑම විටම වටිනාකමකට සාපේක්ෂව.


උදාහරනයක් විදිහට ඔබට රැකියාවෙන් ලැබෙන වැටුප ගැන සිතන්න, ඔබට ඒ මුදල කොපමනද යන්න තීරණය වෙලා තියෙන්නේ ඔබ ලබා දෙන සේවය, ඔබේ කාලය අදාල ආයතනයට ඔබ කොතරම් මිලකට අලෙවි කරන්න සූදානම්ද, එම ආයතනය එම සේවාව කොපමන වටිනාකමකට ඔබෙන් මිලට ගන්න සූදානම් ද කියන දේ මත.


ඔබ කුලී රථයක යන්න තීරණය කලා කියා සිතන්න , ඔබ ඒ වෙනුවෙන් ගෙවන මුදල ඔබ යන ගමනේ වටිනාකමට සාපේක්ෂව අඩුනම් විතරයි, ඔබ අනිවාර්යයෙන්ම එම මුදල ගෙවන්නේ, හැම වෙලාවකම ඔබට මුදල් ලැබෙන්නත්, ඔබෙන් මුදල් ඉවතට යන්නත් ඒ සමග වටිනාකමක් හුවමාරුවනවනම් පමණයි.


දැන් මදක් ඔබ වෙතට හැරී බලන්න! ඔබ ඔබ වෙතට මුදල් ගලා එන්න කොපමන වටිනාකමක් හිවමාරු කරනවාද? ඔබ වෙලදසැලකට හියොත් එහි එකම දෙයක් පමණක් නෙමේයි විකුනන්න තියෙන්නේ! මේ නිසා එකම දෙයක් මිලදී ගන්න අවශ්‍ය මිනිසුන් වෙනුවට විවිද දේවල් මිලදී ගන්න කැමති පුද්ගලයන් ඒ වෙතට පැමිනෙනවා. මේ නිසා විවිද භාන්ඩ හා සේවා හරහා වෙලද සැල වෙතට මුදල් ගලා ඒමක් සිදුවනවා. විවිද පුද්ගලයන්ගෙන් මුදල් ගලා ඒමක් සිදුවනවා. ඔබ යනු වෙලද සැලක්නම්, ව්‍යාපාරයක්නම්, ඔබ වෙතට මුදල් ගලා එන්න ඔබ අලෙවි කරන්නේ මොනවාද? 80% දෙනා සිදුකරන්නේ එකම සේවාදායකයකුට උදෑසන 8 සිට 5 දක්වා තමන්ගේ කාලය, දැනුම හා ශ්‍රමය අලෙවි කිරීමක් පමණයි.


ඔබ සතුව තිබෙන්නේ එකම දක්ෂතාවයක් පමණක්ද? ඔබ සතුව තියෙන්නේ එකම හැකියාවන් පෙලක් පමනක්ද? ඔබ සතු හැකියාවන් හැම එකකින්ම ඔබ ඉපයීමක් කරනවාද?


ඔබට ඔබ දැනට උපයන මුදලට වඩා වැඩි මුදලක් උපයන්න අවශ්යනම් ඔබ කල යුතු වන එකම දෙය වන්නේ වැඩි වටිනාකමක් , වැඩි මුදලකට ඒ දේ මිලදී ගන්න කැමති කෙනෙකුට අලෙවි කිරීම පමනයි. මේ මොහොත වෙනකොටත් බිලියන ගනනින් මුදල් එහා මෙහා හුවමාරු වෙනවා, ඔබ සිතිය යුතු වන්නේ එම හුවමාරු වන මුදල් වලින් කොපමන ප්‍රමානයක් ඔබ වෙතට අවශ්‍යද? ඒ මුදල ලබා ගන්න ඔබ හුවමාරු කරන වටිනාකම් කුමක්ද යන්න පමනයි.


හොදයි මීලගට බොහෝ දෙනෙකුට ඇතිවෙන ඊලග ප්‍රශ්නය තමයි, එහෙම මුදලට හුවමාරු කරන්න තියෙන වටිනාකම් හොයා ගන්න තියෙන අපහසුතාවය, ඒ වගේම කාලය නොමැති කම.


ඇත්තටම බැලුවොත් මේ දෙකම නිකම්ම නිකං දුර්වල මිනිසෙක්ගේ නිදහසට කාරනා 2ක් විතරයි. ඔබට මුදල් උපයන්න අවශ්‍යනම් ඕනෑ තරම් අවස්ථා මේ රටේ තිබෙනවා. ඕනෑ තරම් හැකියාවන් අපි සතුව තිබෙනවා. ඒ වගේම ඕනෑ තරම් කාලයත් අපි සතුව තිබෙනවා. අපි 99% දෙනා අපගේ දවස තුල අපගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ කරන්නේ නෑ. අපි 99% දෙනා අපිට වැඩ කරන්න පුලුවන් කාර්යක්ශමතාවයෙන් 50%ක මට්ටමක්වත් ලගා කරගන්නේ නෑ.


ඔබ නිකමට හිතලා බලන්න ඔබ දවසකට රටේ වෙච්ච දේවල්, ඕප දූප , එහෙමත් නැත්නම් කිසිම වැඩක් නොකර අනාගතය ගැන හෝ අතීතය ගැන සිත සිත දවස්කට මිනිත්තු කීයක් වැය කරනවාද? අවම වශයෙන් සාමාන්‍ය මිනිසෙක් දවසකට වැඩ කරන වේලාව ඇතුලතදි විනාඩි 30ක් වත් මේ ආකාරයෙන් ගත කරනවා. ඇතැම් විට ඔබ කියයි ඉතින් මිනිස්සුන්ට රොබෝලා වගේ වැඩ කරන්න පුලුවන්ද කියලා. නමුත් ඇත්තම කතාව වෙන්නේ අපි එහෙම වැඩ කරන්නේ ඇත්තටම අපිට එහෙම වැඩ කරන්න බැරි නිසා නෙමෙයි අපි එහෙම වැඩ කරන්න හුරු වෙලා නැති නිසායි. ඔබ අඩුම තරමෙන් දවසකට වැඩ කරන කාලය තුල මේ විදිහට දවසකට විනාඩි 30ක් අපතේ යැවුවොත් ඔබ දවස් 25ක් මාසයකට වැඩ කලොත් ඔබ මාසයකට දවස් එකහමාරක් (1.5) පමණ අපතේ යවනවා. නමුත් ඔබ සිතන්න ඔබ ගෙදරදී, ගමනා ගමනයේදී , කාර්යාලයේදී අදී වශයෙන් දවස පුරාවටම මේ ආකාරයෙන් ඔබට ප්‍රථිඵලයක් නොලැබෙන ආකාරයෙන් කාලය අපතේ යැවුවොත් දිනකට කොතරම් කාලයක් අපතේ යවනවා ඇද්ද මාසයකට කොපමන කාලයක් අපතේ යවනවා ඇද්ද , වසරකට කොපමන කාලයක් අපතේ යවනවා ඇද්ද?


ඔබටත් , මේ ලෝකයේ සාර්ථකම මිනිසාටත් ඇත්තේ දවසකට පැය 24ක් පමනයි. ගැටළුව ඇත්තේ කාලයේ නොවේ, ඔබ එය පරිහරනය කරන්නේ කොහොමද කියන දේ තුල පමනයි.


අනෙක් කාරනය ඔබට ආදායම් උපයන්න අවශ්‍යනම් ඕනෑ තරම් ක්‍රම ඔබ සතුව තිබෙනවා, නමුත් ඔබ සතු ඍණාත්මක බව, පටු චින්තන රටාව නිසා ඔබ බොහෝ දෙනෙක් මේ දේවල් හදුනා ගන්නේ නෑ. ඒ වගේම ඔබ බොහෝ දෙනක් එවැනි අවස්ථාවන් හදුනා ගත්තත් අපිට මුදල් නෑ, උදවු කරන්න අය නෑ, අවදානමක් ගන්න එක මේ වගේ වෙලාවක කරන්න බෑ, අපිට වගකීම් වැඩි නිසා අවදානමක් ගන්න එක අවදානම් වැඩ්යි, අපි ඉගෙන ගෙන නෑ, අපිට වාසනාව නෑ, රටේ ආර්ථිකය හොද නෑ, කරන එක හිතන තරම් ලේසි නෑ වගේ විවිද නිදහසට කාරනා ඉදිරියට දාගෙන තමන්ගේ ගමන තමන් විසින්ම නවතාගෙන තිබෙනවා.


මේ කිසිවක් ගැටලු නෙමේ ගැටලුව මේ ගැටලු නෙමේ කියල හිතනන පුහුණු නොකරපු , මේ දේවල් ජයගන්න පුලුවන් දේවල් කියලා සිතන්න ආකල්පයක් නැති ඔබේ මනස. මුදල් නැති නිසා යමක් කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න ඔබේ මනස තවම දන්නේ නෑ මේ ලෝකයේ තියෙන 80% ව්‍යාපාර පටන් ගත්තේ මුදල් නැතිව කියන දේ. අපි කලින් ලිපි වල විස්ථර කරලා තියෙනවා සතයක් නැතිව ලෝකයේ තියෙන විශාලම ගුවන් සමාගමක් පවා ආරම්භ කරපු විදිහ. ඔබට දියුනු වෙන්නනම් අවශ්‍ය වෙන්නේ ඔබ හිතන ආකාරය වෙනස් කරගන්න එක පමණයි. ඒ දේ හරියට සිදු වුනොත් ඔබට ඔබ මෙතෙක් ජීවත් වෙච්ච ආකාරය ගැන ඔබටම දුක හිතේවි.


මෙහෙම කීවම බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ සිතුවිලි වෙනස් කරගන්න හිතගෙන ධනාත්මක චින්තනය ගැන පොතක් , ධනාතමක පනිවිඩ සහිත චිත්‍රපටයක්, සාකච්චාවක් වගේ දේවල් වලට සවන් දෙමින් ඒ දේ ඇතිකරගන්න හදන එක. ඔබ සිතන්න ඔබට යම් රෝගයක් තිබෙනවානම් , ඔබ ඔබට රෝගයක් තියෙන නිසා ඒ දේ හොද වෙන්න කියලා හිතාගෙන අහුවෙන අහුවෙන බෙහෙත බීවොත් වෙන දේ ගැන.. රෝගය සුව වෙනවා වෙනුවට ඔබට වෙන්නේ වෙනත් රෝග ටිකකුත් ඒකට එකතු වෙන එක. මේ විදිහටම ඔබ අහුවෙන අහුවෙන විදිහට ධනාත්මක දේවල් එකතු කරගත්තා කියලා ඔබට ඔබ තුල වන ඍණාත්මක ආකල්ප වල වෙනසක් වෙන්නේ නෑ, ඇතැම් විට තාවකාලික අභිප්‍රේරණයක් ඇති වුවත් ඒ තුලින් පසුව විටින් විට ඍණාත්මක සිතුවිලි මතුවීම නැති කරන්න බෑ. මේ නිසා යම්කිසි ක්‍රම වේදයකට යටත්ව ක්‍රමාණුකූලව, හැකිනම් උපදේෂණ සහයක් ඇතිව තමන් තුල ධනාත්මක බව ඇතිකර ගන්න උත්සාහ කරන්න. එය නියත වශයෙන්ම ඔබ ධනාත්මක වෙන්න කියා අත්හදා බැලීම් කරන්න වැය කරන කාලය හා මුදල් නියත වශයෙන්ම ඉතුරු කර දේවි.


පොහොසතෙක් වෙන්න , සිහින දකිනවා වෙනුවට එම සිහින ඉලක්ක බවට පත්කරගෙන ඒ දේවල් ප්‍රායෝගිකව ලගා කරගන්නා මට්ටමට රැගෙන එන්න, නිවරැදි ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න, මේ තුලින් දිනෙන් දින වැඩි වෙහෙසකින් තොරව ඉබේම දියුනු වෙන්නාක් වැනි ජීවිතයක් ඇතිකරන්න ඔබට හැකි වේවි. ජීවිතයේ ඔබට මෙතෙක් නොපෙනුනු බොහෝ පැති පෙනෙන්න පටන් ගනීවි. ඔබ මෙතෙක් මුදල් නෑ, අරක නෑ මේක නෑ කියකියා හිටපු හැම දෙයක්ම හුදෙක් වැඩකට නැති නිදහසට කාරනාවක් පමණක් බව ඔබට තේරුම් යාවි. ඔබේ ජීවිතයට ලැබෙන හොද හා නරක සමග ජීවත් වෙනවා වෙනුවට ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි මෙහෙයවීමේ හැකියාව ඔබට ලැබී ඇති බව ඔබට නිසකවම දැනෙන්න පටන් ගනීවි.



පියවරෙන් පියවර ප්‍රායෝගිකව ඔබේ ඉලක්ක වෙත යන ආකාරය ඉගෙන ගන්න, ඔබත් දැන්ම ජීවිතය දිනන මග උපදෙස් පොත හා වැඩපත්‍රිකා පහතින් Download කරගන්න .


244 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page