top of page

ජීවිතේ වෙනස් කරගන්න පහසුම ක්‍රමය


අපේ ජීවිතයේ සාර්ථකත්වයෙන් 80%ට වඩා වැඩි ප්‍රමාණයකට වග කියන්නේ අපේ මානස කියලා කතාවක් තියෙනවා. මොකද අපේ මනස හරියට නැත්නම් අපිට කිසිම වැඩක් හරි ආකාරව කරගෙන යන්න හැකියාවක් නෑ. ඔබේ මනස කියන දේ මම කොටස් 2කට බෙදන්න කැමතියි!


1. ඔබේ යටි සිතේ තිබෙන විශ්වාසයන්. 2. ඔබේ උඩු සිතේ ඇතිවන සිතුවිලි හා තීරණ.


අපේ ජීවිතේ බොහෝමයක් ක්‍රියාකාරකම් වලට මූලිඛ පදනම දාන පලවෙනි සාදකය වෙන්නේ අපේ උඩු සිත තුල ඇතිවන සිතුවිලි හා ඔබ ඒ මත ගනු ලබන තීරණ. ඔබට යමක් පිලිබද ඉතා උනන්දුවකින් වැඩ කරන්න හිතුනත්, ඔබට යම් දෙයක් එපා වුනත්, ඔබ කුමක් හෝ කරන්න පටන් ගත්තත් ඔබ යමක් අතර මග අතහැර දැමුවත් ඒ සියල්ලටම හේතුව වන්නේ අපේ සිත තුල ඇතිවන සිතුවිලි හා ඒ මත ගන්නා තීරණ .

ඒ වගේම ඔබේ උඩු සිත තුල ඇතිවන සිතුවිලි කුමන ආකාරයේ ඒවාද යන්න තීරණය වන්නේ ඔබේ යටි සිත තුල තැම්පත් වෙලා තිබෙන විශ්වාසයන්.


උදාහරනයක් ලෙස ඔබ විශ්වාස කලොත් ඔබ දුර්වලයි, ඔබට ඔබේ රැකියාවෙන් හෝ වෙනත් දෙයකින් ඉහලට යන්න බෑ කියලා. ඔබට සාර්ථක වෙන්න කොතරම් අවස්ථා ලැබුනත් ඔබ එයට මුහුනදීමට බිය සහිත සිතුවිල්ලක් ඔබේ උඩු සිත මත ඇති වෙනවා. ඉන් පසු එම අවස්ථා මග හරින්න ඔබේ බිය ජනක සිතුවිල්ල මත ඔබ තීරණය කරනවා.

මේ විදිහට ඔබේ ජීවිතයේ ඇත්තටම ලබා ගන්න පුලුවන් සාර්ථකත්වය ඔබ විසින්ම ඔබේ යටි සිතේ තියෙන ඍණාත්මක විශ්වාසයන් නිසා නැත්කර ගන්නවා. තේරෙන සිංහලෙන් කියනවානම් ඔලුවේ තියෙන කුනු නිසා ලැබෙන්න තියෙන සාර්ථක ලස්සන ජීවිතය නිකරුනේ අපි ගොඩ දෙනෙක් ඇස් පනාපිට නැතිකර ගන්නවා. ඒක නිසා කාලයක් තිස්සේ ඔලුවේ තියෙන කුණු ටික හෝදලා දාලා අලුත් ධනාත්මක විශ්වාසයන්ගෙන් හිත පුරවා ගැනීම ඉතාමත් වැදගත්.


නමුත් ගෙයක් හෝදනවා වගේ ඔබේ සිතේ තියෙන විශ්වාසයන් හෝදලා දාන්න ඔබට හැකියාවක් නෑ. එහෙනම් කොහොමද ඒක කරන්නේ?


මේ සදහා මනෝවිද්‍යාත්මකව විවිද ක්‍රම භාවිතා කරන්න පුලුවන්. නමුත් අද කියන්නේ අපි බොහෝ දෙනෙකුට සරලව තමන්ගේ නිවසේ සිටම භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක් ගැන.


මම ඔබේ සිත මඩ වතුර පිරි වීදුරුවකට ආදේශ කරන්න කැමතියි. ඔබ මඩ වතුර සමග තින්ත බින්දුවක් එකතු කලොත් ඔබට තින්ත ජලය සමග මුසුවන ආකාරය ජලයේ පැහැය වෙනස් වෙන ආකාරය ඔබට පැහැදිලිව බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.ඔබට පේන්නේ මඩ පැහැති වතුරම විතරයි.


නමුත් ඔබ මේ වීදුරුව ටික වෙලාවක් පැත්තකින් තිබ්බොත් ඔබට පෙනේවි ටික වෙලාවකින් ජලයේ මුසු වී තිබුන ජල අංශු හිමින් හිමින් වීතුරුවේ පතුලට එකතු වී ජලය පිරිසිදු වන ආකාරය.ඔබ මේ අවස්ථාවේදී ජලයට තින්ත බින්දුවක් එකතු කලොත් ඉතාහොදින් තින්ත ජලය සමග මුසු වන ආකාරයත් එයින් ජලයේ පැහැය වෙනස් වෙන ආකාරයත් දැක ගන්න පුලුවන්.


මේ ආකාර්යෙන්ම ඔබේ එදිනෙදා ජීවිතයේ ගැටලු , ප්‍රශ්ණ අභියෝග එක්ක ඔබේ සිතත් මඩ වුන වතුර එකක් වගේ තත්වයකට පත් වනවා.එවැනි ත්ත්වයක ඔබ කොතරම් ධනාත්මක දේවල්, ජය ගැනීමට හැකි අවස්ථා දුටුවත් ඔබට එය එතරම් පැහැදිලිව සිතට යන්නේ නෑ.


නමුත් ඔබට හැකියාවක් තිබෙනවානම් ඔබේ සිත මඩ අඩියට එකතු වුන වතුර වීදුවක් වගේ නිශ්චල තත්වයකට පත් කරගන්න ඔබට ඔබ වටේ තියෙන ධනාත්මක දේවල්, අවස්ථාවන්, ඒ හරහා ඔබේ ජීවිතය වෙනස් වෙන ආකාරය වෑනි බොහෝ දේ අවධානයට ලක්වෙන්න පටන්ගන්නා බව ඔබට වැටහේවි. කොටින්ම කීවොත් ඔබට ඔබ ජීවත් වුනේ මෙතරම් සාර්ථක වෙන්න අවස්ථාවන් තියාගෙනද යන්න ඔබටම සිතෙන්න පටන් ගනීවි,

මේ ආකාරයෙන් ඔබේ සිත ඉබේටම නිශ්චල වෙන වෙලාවක් තමා ඔබ නින්දේ පවසන වෙලාව. ඒ වගේම ඔබ නින්දෙන් අවදි වූ මොහොත ජලයට තින්ත බින්දුවක් එකතු කරනවා වගේ, ධනාත්මක දෙයක් එකතු කරගන්න ඉතාමත් හොදම වෙලාව. මොකද ඔබේ සිත නිශ්චලව පවතින වෙලාවක් නිසා ඒ මොහොතේ යම් කිසි ධනාත්මක දෙයක් ඔබේ සිතට ඇතුල් වුනොත් එය ඉතා ඉක්මනින් ඔබේ සිත තුල ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා. ඔබට ඔබේ ජීවිතය මෙම සිතුවිලි සමග වෙනස් වෙන ආකාරය දැනෙන්න පටන් ගන්නවා.


කාලයක් තිස්සේ මෙවැනි සිතුවිලි ඇතුලු වුනොත් ඒ හරහා ඔබේ විශ්වාසයන් පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. එවිට ඔබට සාර්ථක වෙන්න බෑ කියලා මුළු ලෝකයම කීවත් එය ඔබට පිලිගන්න හිතෙන්නේ නෑ. ඔබට යමක් බෑ කියලා මුළු ලෝකයම කීවත් ඔබට එය පිලිගන්න හිතෙන්නේ නෑ. ඒ කියන්නේ ශක්තිමත් සාර්ථක පුද්ගලයකුගේ සිතුවිලි හා විශ්වාසයන් ඔබේ සිත තුල තදින් ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා.

ඔබ දන්නවාද ලෝකයේ බොහෝ දෙනෙක් අද වන විට අවදි වූ සැනින්ම කරන එක් දෙයක් තමයි තමන්ගේ ජංගම දුරකතනය පරික්ශා කරන එක.


අපි Winner's Lounge Wake up Alert සේවාව නිර්මාණය කර ඇත්තේ මෙන්න

මේ පුරුද්ද හරහා ඔබේ සිත නිශ්ඡලව තිබී අවදි වූ පළමු මොහොතේම ධනාත්මක දෙයක් ඇතුලු කිරීමෙන් ඔබේ සිතුවිලි රටාව මෙන්ම දිගු කාලීනව ඔබේ විශ්වාසයන්ගේ ස්වරූපයත් වෙනස් කිරීමට.


Winner's Lounge Wake up Alert සේවාව ඔබ ක්‍රියාත්මක කරගත් පසු සෑම දිනකම උදෑසන 5ට විශේශයෙන් සැකසුනු ධනාත්මක කෙටි පණිවිඩයක් ඔබේ ජංගම දුරකතනයට ලැබෙනවා, ඔබ අවදි වූ සැනින් මුලින්ම කරන්නේ ඔබේ දුරකතනය පරික්ශා කරන එකනම් ඔබේ සිතට දවසේ පලමුවෙන්ම ඇතුලුවන වචන ටික වන්නේ එම පනිවිඩයේ තිබෙන ධනාත්මක වචන ටික. එය කෙටිකාලීනව ඔබගේ සිතුවිලි රටාව වෙනස් කරනවා වගේම දිගු කාලීනව ඔබේ විශ්වාසයන් ධනාත්මකව වෙනස් කිරීමටත් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වනවා.


උදෑසන ඔබේ සවනට වැටුනු ගීතයක් ඔබ එයට කැමති වුනත් නැති වුනත් දවස පුරාම ඔබට මතක සිටි අවස්ථාවන් , ඔබේ මුවගට නැගුන අවස්ථාවන් අනන්තවත් ඔබේ ජීවිතයේදී මුනගැසී ඇති. ඔබ නිකමට සිතන්න එම ගීත කන්ඩය සමග සිතට ආ සිතුවිලි වෙනුවට යම් ධනාත්මක සිදුවිලි ධාරාවක් ඔබේ මනසට ඇතුළු වුනානම් ඔබේ දවස කුමන ආකාරයෙන් වෙනස් වනු ඇත්ද?


Winner's Lounge Wake up Alert සේවාව සක්‍රීය කර ගැනීමට,

ඔබගේ Dialog හෝ Hutch දුරකතනයෙන් REG හිස්තැනක් QODS ලෙස සදහන් කර 77000 ට SMS කරන්න.

දිනකට අයවීම රු 2.50ක් හා රජයේ බදු ගාස්තු පමණි.




97 views

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page