top of page

Breakthrough

Sun, Feb 07

|

Zoom Workshop

Registration is Closed
See other events
Breakthrough
Breakthrough

Time & Location

Feb 07, 2021, 10:30 AM – 2:30 PM GMT+5:30

Zoom Workshop

Guests

About the event

👉 මෙම වැඩසටහන තුලදී ඔබට ඉගෙන ගැනීමට ලැබෙන මූලිඛ පාඩම්  |  Content

01. ප්‍රායෝගික සාර්ථකත්වයේ විශේෂිත සංකල්පමය වෙනස්කම් හඳුනා ගැනීම

සාර්ථකත්වය වෙනුවෙන් කල යුතු දේවල් ලෙස බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් හදුනා ගන්නා සංකල්ප සහ සැබෑවටම ඔබේ ජීවිතය තුල ඔබ බලාපොරොත්තු වෙන ආකාරයේ සුවිශේෂී වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන් සැකසුණු සංකල්ප අතර විශාල වෙනස් කම් සහ පරස්පරතා පවතී.

මෙම වෙනස්කම් පිලිබද අවබෝධයක් නොමැති කම යනු, කොතරම් ධනාත්මක වුවත්, කොතරම් අභිප්‍රේරණාත්මක මනසකින් සමන්විත වුවත්, කොතරම් උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තිබුනත් සැබෑ ජීවිතය තුල තමන් සිතන තරම් සාර්ථක නොවීමට බලපාන මූලිකම හේතුවයි.

උදාහරණයක් ලෙස, පහත උපදෙස් දෙකෙන්, මූල්‍යමය වශයෙන් ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ අනුගමනය කල යුතුයයි සිතන උපදෙස කුමක්ද?

" ඔබට පොහොසත් බව ගොඩනගා ගැනීමට අවශ්‍යනම්, ඒ වෙනුවෙන් වන වාඩාත් සුරක්ෂිතම මාර්ගය වන්නේ, ඉහල වැටුපක් සහිත, ස්තීර රැකියාවක් වෙත යොමුවීමයි. ඔබට ආදායම් ලෙස ලැබෙන මුදල් අරපරිස්සමින් පරිහරණය කරන්න, හැකි තරම් වියදම් අඩු කරන්න, සෑම විටම වැඩියෙන් ඉතිරි කරන්න. ණය වීම වෙනුවට, හැකි තරම් ඔබ සතු මුදල් භාවිතයෙන් යාන වාහන, නිවාස වැනි දේ මිලදී ගැනීමට උත්සාහ කරන්න. "

" ඔබට පොහොසතෙක් වීමට අවශ්‍යනම්, ඒ වෙනුවෙන් ඔබට තෝරා ගත හැකි අවදානම්ම සහ අසාර්ථකම ක්‍රමය වන්නේ රැකියාවයි. එයිනුත් ස්තිර ආදායම් සහිත රැකියාව යනු ඔබ විසින් තෝරා නොගත යුතු දෙයකි. මුදල් ඉතිරි කිරීම යනු නොකල යුතු දෙයකි, ඔබ හැකි තරම් මුදල් භාවිතා කිරීම කල යුතුය. ණය වීම යනු ඔබ විසින් කල යුතු දෙයකි. එමෙන්ම සෑම විටම නිවාස, යාන වාහන වැනි දේ හැකි තරම් ණය පදනම මත ලබා ගැනීම ඔබ කල යුතු දෙයකි. "

මෙම උපදෙස් දෙකෙන්, ප්‍රායෝගිකව ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් උදව් වන පිලිතුර ලෙස ඔබේ මනස පිලිගන්නේ පළමු උපදෙසනම්, ඔබේ මනස ක්‍රියාත්මක වන්නේ, සමස්ථයක් ලෙස ලෝකයේ වැඩි වශයෙන් සිටින, සාර්ථකත වීම වෙනුවෙන් බලාපොරොත්තු වෙන, නමුත් කිසි දිනෙක ප්‍රායෝගිකව තමන් බලාපොරොත්තුවන සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අසමත් වන පිරිසේ මානසික මට්ටම අනුවයි.

සැබෑ ලෙසම ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ අනුගමනය කල යුතු සැබෑම ප්‍රායෝගික උපදෙස වන්නේ දෙවැනි උපදෙසයි, නමුත් සාමාන්‍ය මිනිසුන්, එය කාලාන්තරයක් තිස්සේ තමන් අහපු, දැකපු, කියවපු, ඉගෙනගත් දේවල් වලට පරස්පර විරෝදී නිසාත්, සැබෑ ලෙසම ඔවුන්ට එම උපදෙස සාර්ථකත්වයට ප්‍රායෝගිකව උපකාරී වන්නේ කෙසේද යන්න තාර්කිකව ගලපා ගැනීමට අවශ්‍ය සංකල්පමය දත්ත ඔවුන් තුල නොමැති නිසාත් එය වඩාත් යෝග්‍ය උපදෙසක් ලෙස ඔවුන්ට හදුනා ගැනීමට නොහැකි වෙයි.

එම නිසා සැබෑ ලෙසම ඔබට, ඔබ සිහින දකින ආකාරයේ සාර්ථක ජීවිතයක් ප්‍රායෝගිකව ගොඩනගා ගැනීමට අවශ්‍යනම්, මෙවැනි සංකල්ප තේරුම් ගැනීමට අවශ්‍ය කරන මූලිඛ දැනුම ලබා ගනිමින්, ඔබේ මනස වෙනස් කර ගැනීම ඉතාම වැදගත් වේ.

එබැවින් මෙම වැඩසටහනේ පළමු කොටස ලෙස මෙම සංකල්පමය පරස්පරතා අවබෝධ කර ගැනීම වෙනුවෙන් වන මූලික දැනුම ලබා දීම සිදුවේ.

02. සාර්ථකත්වයේ ස්වර්ණමය නීති තුන. ( Three Golden Rules of Success )

බොහෝ දෙනෙකු සිතන්නේ, තමන් සිතන ආකාරය වෙනස් කිරීම හරහා තමන්ට ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගත හැකි බවයි, නමුත් සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය තුල තමන් ලඟා කරගැනීමට බලාපොරොත්තු වෙන, ඒ වගේම තමන්ට ලගා කරගැනීමට හැකි, බොහෝ තත්වයන් ලඟා කරගැනීමට අපහසු තත්වයක් බවට පත් කරන්නට හේතු වෙන ප්‍රධානතම සාධකය වන්නේ ඔබ සිතන ආකාරය නොව ඔබට සිතෙන ආකාරයයි.

උදාහරණයක් ලෙස ඔබට ජීවිතයේ අභියෝගාත්මක අලුත් පියවරක් තබන්නට අවශ්‍ය නමුත් ඔබට එය කරන්නට නොහැකිව සිටිනවානම්, එයට බොහෝ විට, තමන් සාර්ථක වෙයිද, අසාර්ථක වෙයිද යන සැකය මනස තුල ඇති වීම, අසාර්ථකත්වය පිලිබද බය ඇතිවීම, අසාර්ථක වුනොත් එය ලැජ්ජාවට කරුණක් ලෙස සිතෙන්නට පටන් ගැනීම වැනි දේ හේතු වෙයි

නමුත් මේ සියල්ල, සාපේක්ෂව ඔබේ මනස තුල ඇති වෙන (සිතෙන) දේවල් මිස ඇතිකරගන්නා (හිතන) දේවල් නොවෙයි.

සාර්ථකත්වයේ ස්වර්ණමය නීති තුන යනු, සාර්ථක මිනිසෙකුට, එසේත් නැත්නම්, සාර්ථක වීමට හැකි පුද්ගලයෙක්ට සිතෙන ආකාරයට සිතෙන මනසක් ගොඩනගා ගැනීම වෙනුවෙන්, ඔබ ඉගෙන ගත යුතු හා ඔබේ මනස තුල තදින් තැම්පත් කරගත යිතු ප්‍රබල තාර්කික සිතුවිලි මූලයන් තුනකි.

මෙම ස්වර්ණමය නීති තුන, නිවරැදිව ඉගෙන ගැනීම, අවබෝධ කරගැනීම, ඔබට සිතෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වෙයි.

03. Three M Management Formula

මෙම පාඩම තුල ඔබ ඉගෙන ගන්නේ කිසිම මොහොතක කිසිම මොහොතක තමන්ගේ අරමුණු අතරමග අත් නොහරින, සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රායෝගික ලෝකය තුල තම උපරිමයෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙකුගේ මානසික මට්ටමට සමාන මානසික මට්ටමක් ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමයයි.

මෙම තත්වය ඇති වීම හෝ නැති වීම, සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ, ඔබේ මනස තුල වන ප්‍රධාන අංශයන් තුනකට අදාල සිතුවිලි ඔබ විසින් කළමණාකරණය කරන ආකාරය අනුවයි. එම අංශයන් නිවරැදිව හදුනා ගැනීම, එම අංශයන් කලමණාකරණය කල යුතු ආකාරය හඳුනා ගැනීම හා ඒ හරහා ඔබේ ජීවිතය තුල ප්‍රායෝගික වෙනස් කම් ගොඩනැගෙන ආකාරය හඳුනා ගැනීම මෙම කොටසේදී සිදුවේ.

මෙම පාඩම නිවරැදිව අවබෝධ කර ගැනීම තුලින් ඔබට තමන්ගේ අරමුණු අතරමග අත් නොහරින, සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රායෝගික ලෝකය තුල, තම උපරිමයෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙකු බවට පත්වීම ඉතාම පහසු කටයුත්තක් බවට පත් වේ.

04. Unwavering Positivity Building Formula

ඕනෑම අභියෝගයක් වෙත ඉතා ඉහල ධනාත්මක බවකින් යුතුව මුහුණ දිය හැකි ආකාරයේ ප්‍රබල ධනාත්මක මනසක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි, සිතුවිලි මූලයන් වෙනස් කල හැකි ප්‍රායෝගික ක්‍රමයක් පිලිබද ඔබ මෙම පාඩමේදී ඉගෙන ගනී.

මෙම පාඩම නිවරැදිව අවබෝධ කර ගැනීම හා ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීම තුලින් ඔබට ඕනෑම ගැටලුකාරී, අභියෝගාත්මක තත්වයක් වෙත, ඉතා ඉහල ධනාත්මක බවකින් යුතුව මුහුණ දීමේ හැකියාවක් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකි වෙයි.

05. ජීවිතය ඉලක්ක ගත කිරීම හා සැලසුම්ගත කිරීම

මෙම කොටසේදී, ඔබේ අරමුණු ප්‍රායෝගික ලෝකය තුල ජය ගැනීම වෙනුවෙන්, එම අරමුණු ඉලක්ක ගත කිරීමේ නිවරැදි ක්‍රම ශිල්ප සහ එම ඉලක්ක වෙත ප්‍රායෝගික ලගා වීම වෙනුවෙන් සැලසුම් (Action Plan) සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රම ශිල්ප පිලිබද ඉගෙන ගනී.

විශේෂයෙන්ම ජීවිතයේ අවිනිෂ්චිත හා අභියෝගාත්මක තත්වයන් තුල තමන්ගේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් වන විශේෂ සැලසුම් සකස් කිරීමේ ක්‍රම පිලිබදව මෙම පාඩමේදී ඉගෙන ගත හැකි අතර, මෙම පාඩම නිවරැදිව අවබෝධ කර ගැනීම හා ඒ අනුව ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් වල නිරත වීම තුලින් ඔබට ඕනෑම අභියෝගාත්මක තත්වයක් තුල සැලසුම් සහගතව තමන්ගේ අරමුණු කරා ලගා වීමට ඇති හැකියාව ගොඩනගා ගත හැකි වෙයි

06. කාල කළමණාකරණය වෙනුවෙන් වන විශේෂ කාල සැලසුම් ආකෘති සහ පුරුදු පද්ධතින් ගොඩනැගීම

කාල කළමණාකරණය යනු මේ වන විට යල් පැන ගිය සංකල්පයකි. බොහෝ විට කාලය කොටස් වලට වෙන් කර ගනිමින් එම කාල සීමාවන් තුල අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවන් අනුව ක්‍රියාත්මක වීම වැනි ක්‍රම අද වන විට සාර්ථක ක්‍රම ලෙස පිලිගැනීමක් සිදුනොවෙයි.

ඒ වෙනුවට නූතන ලෝකයට ගැලපෙන, වඩාත් ඵලදායී ක්‍රම ශිල්ප, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් භාවිතා වන අතර, මෙම පාඩම තුලදී ඔබ එම නූතන, ඉහල ඵලදායීතාවයක් සහිත ක්‍රම ශිල්ප පිලිබද ඉගෙන ගනී.

මෙම පාඩම නිවරැදිව අවබෝධ කර ගැනීම හා ඒ අනුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීම කෙටි කාලයක් තුල වැඩි වැඩප්‍රමාණයක් නිම කිරීමට ඇති හැකියාව වර්ධණය කරන අතර, ඉහල ඵලදායීතාවයක් ඇතිවන ආකාරයෙන් කාලය පරිහරණය කිරීමේ හැකියාව ඔබ තුල වර්ධනය කරයි.

07. Super Motivation Formula

සෑම මොහොතකම ඔබේ අරමුණු වෙත සාර්ථකව ලගා වීම වෙනුවෙන් වන, උනන්දුව, ජවය හා මානසික අභිප්‍රේරණය උපරිම මට්ටමකින් පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට භාවිතා කල හැකි ප්‍රායෝගික ක්‍රම ශිල්පයන් පිලිබදව ඔබ මෙම පාඩම තුලදී ඉගෙන ගනී,

මෙහිදී ඔබ ඉගෙන ගන්නා ක්‍රම ශිල්ප එදිනෙදා ජීවිතය තුල භාවිතයට ගැනීම හරහා, සෑම මොහොතකම ඔබට සාර්ථක වීම වෙනුවෙන් උපරිම උනන්දුව, ජවයක් හා අභිප්‍රේරණයක් සහිත පුද්ගලයෙක් ලෙස ජීවත් වීමේ හැකියාව ලැබේ.

Extra Lesson | වේගවත් සාර්ථකත්වයක් වෙනුවෙන් අවිඥාණික මෙහෙයුම් බලගැන්වීම

සාමාන්‍ය පුද්ගලයෙක් තම මනස තුල වන හැකියාවන්ගෙන් භාවිතයට ගන්නේ 10%ටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර 90%ක්ම භාවිතයට නොගනී. මෙම පාඩම තුල ඔබ ඉගෙන ගන්නේ, එම 90% තුල වන භාවිතයට නොගන්නා විශ්මිත වූ මානසික ශක්තීන් භාවිතා කරමින්, වඩාත් පහසු සාර්ථකත්වයක් ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය පිලිබදවයි.

👉 වැඩසටහන හරහා ඔබේ ජීවිතයේ ඇති කිරීමට බලාපොරොත්තු වන වෙනස් කම්,

  • සාර්ථකත්වය ලගා කර ගැනීම පිලිබද සාමාන්‍ය ධනාත්මක චින්තන මත වලින් එහාට ගිය ප්‍රායෝගික දැනුමක් සහිත පුද්ගලයෙක් බවට පත් කිරීම
  • තමන්ගේ ජීවිතයේ අරමුණු හා ඉලක්ක පැහැදිලිව හදුනා ගත් පුද්ගලයෙක් බවට පත් කිරීම
  • මනා සැලසුම්සහගත බවකින් යුතුව ජීවිතයට මුහුණ දෙන පුද්ගලයෙක් බවට පත් කිරීම
  • ඉහල මානසික ජවයක්, අභිප්‍රේරණයක් හා ධනාත්මක බවක් නිරන්තරයෙන් පවත්වාගෙන යා හැකි පුද්ගලයෙක් බවට පත් කිරීම
  • කාලයෙක් උපරිම ප්‍රයෝජණ ගත හැකි, වේගයෙන් තම අරමුණු ලගා කරගන්නා පුද්ගලයෙක් බවට පත් කිරීම
  • සාර්ථකත්වයේ වේගවත් බව වර්ධනය කර ගත හැකි සුවිශේෂී දැනුම් පද්දතීන් පිලිබද මූලිඛ දැනුමක් සහිත අපේක්ෂිත මට්ටමෙන් එහාට ගිය සාර්ථකත්වයක් වේගවත්ව ලගා කරගත හැකි පුද්ගලයෙක් බවට පත් කිරීම. 

👉 මෙම වැඩසටහන වඩාත් සුදුසු කා වෙනුවෙන්ද?

ඕනෑම අංශයක් තුල සාර්ථකත්වය ගැන හීන දකින, එම සාර්ථකත්වය ලගා කර ගැනීම වෙනුවෙන් විවිධ උත්සාහයන් දැරුවත්, සැබෑ ජීවිතය තුල බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ අය සදහා.

👉 මෙහෙයවීම

මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක චතුස්ක අමරසේකර මහතා විසින්

Entrepreneur, Motivational Speaker ,Trainer, Author & Researcher

👉 වැඩසටහන පැවැත්වෙන ආකාරය

මෙම වැඩසටහන පෙබරවාරි 07 වන ඉරිදා උදෑසන 10.30 සිට සවස 2.30 දක්වා සජීවීව, Zoom හරහා පැවැත්වේ. ඔබගේ ආසනය වෙන්කර ගත් පසු අපගේ පාරිබෝගික සේවා නිලදාරියෙකු, ඔබ අමතා අවශ්‍ය තොරතුරු හා සහබාගී වීම වෙනුවෙන් වන තාක්ෂණික උපදෙස් ඔබට ලබා දෙනු ඇත. 

Membership Offer
Buy a membership and get up to 50% off this event at checkout

Tickets

  • Workshop Pass

    $25.00
    Sale ended

Total

$0.00

Share this event

bottom of page